ඉදිරි දින හතර පැය දෙක බැඟින් අඳුරේ

අද (22) දිනයේ සිට ලබන සිකුරාදා (25) දක්වා පැය 02ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසම විසින් මෙම අවසරය ලබා දී ඇති අතර, ඒ, අනුව දහවල් කාලයේ දී පැය 01ක් සහ රාත්‍රි කාලවල දී පැය 01 බැඟින් මෙලෙස විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි.

මේ අතර, ලබන මාසයේ සිට QR ක්‍රමය ඉවත්කිරීමක් සිදුනොවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරයට එවැනි කිසිඳු තීරණයක් මේ දකවා ගෙන නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

පැවති ඉන්ධන අර්බුදය පාලනය කිරීමට ක්‍රියාවට නැංවූ QR ක්‍රමය පූර්ණ ඉන්ධන අවශ්‍යතාවය සපුරාගැනීමට හැකිවන තෙක් ක්‍රියාත්මක කිරීමේ ආදහසක් පවතින බවයි පහු කියා සිටියේ.

සිය නිල ට්විටර් ගිණුමට පණිවුඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඊයේ (21) මේ බව සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?