අද සිට පැනවෙන තහනම මෙන්න

මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඊයේ රාත්‍රී 10ට පනවනු ලැබූ නිරෝධායන ඇඳිරි නීතිය අද අළුයම 4ට ඉවත් කෙරුණා. කෙසේ වෙතත් අද රාත්‍රී 10ට යළි නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන අතර එය පසුදා අළුයම 4ට යළි ඉවත් කෙරෙනවා.

මෙලෙස නැවත දැනුම් දෙනතුරු පැය 6ක කාලයක් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ විවාහ මංගල උත්සව පැවැත්වීම ද අද සිට තහනම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මනාල යුවළ, ඔවුන්ගේ දෙමව්පියන් සහ විවාහ රෙජිස්ට්‍රාර්වරයා සහභාගි කර ගනිමින් විවාහ ගිවිස ගැනීමේ කටයුතු සිදුකිරීමේ හැකියාව පවතින බවයි රජය නිවේදනය කළේ.

එමෙන්ම බෙලිඅත්ත සහ තංගල්ල නගරවල වෙළදසැල් ද අද සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම හෙට සිට ඇඹිලිපිටිය, අම්පාර සහ බදුල්ල යන නගරවල පිහිටි වෙළදසැල් වසා දැමීමටයි වෙළද සංගම් තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත්, කොරෝනා ව්‍යාප්තිය හමුවේ බදුල්ල, බණ්ඩාරවෙල, අම්බලන්තොට, බෙලිඅත්ත, තංගල්ල, ඇඹිලිපිටිය, අම්පාර යන නගරවල ද වෙළදසැල් වසා දැමීමට පසුගිය දා කටයුතු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
43
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09