අද සවස 3.30ට ජනපති සියල්ලෝ රැස් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද සවස 3.30ට ආණ්ඩු පක්ෂයේ සියලුම පක්ෂවල මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය වෙත කැදවා ඇතැයි වාර්තා වෙනවා.

මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට විමල්-උදය-වාසු ඇතුළු එම පක්ෂවල සියළු මන්ත්‍රීවරු සහභාගි වීමට නියමිත බවයි ජානාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග පවසන්නේ.

මේ අතර නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම දැන් සිදුවෙමින් පවතිනවා.

ඒ අනුව නව අමාත්‍යවරුන් 4 දෙනෙකු පමණ දිවුරුම් දී තිබෙන බවට වාර්තා වනවා.