Empty Ad
Empty Ad
AFC Banner

අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 11ට මෙම රැස්වීම පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙහිදී ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ සාමාජිකයින් තීරණය කිරීමට නියමිතයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම අප්‍රේල් 25 වැනිදායි පැවැත් වෙන්නේ.

මේ අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පසුගිය දා සඳහන් කළේ, ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

එහෙත් විපක්ෂය ඊට විරෝධය පළ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?