අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි – පළාත් කිහිපයකට උදෑසන කාලයේත් වැසි

අද (06) පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ, අනුව අද (06) පස්වරු 1.00 පමණ පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

මේ අතර උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (06) උදෑසන කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?