දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩු වීමක් අද (08) දිනයේ සිට 11 වනදා දක්වා බලාපොරොත්තුවන බව කාලගුණ අංශ දැනුම් දෙනවා.
ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් අද (08) දිනයේ ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) ප.ව 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40 දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.



