අද දිනයේ වැසි රහිතයි

දිවයිනේ බෝහෝ ප්‍රදේශවලට අද (02) දිනයේ වැසි රහිත කාලගුණයක් පවතින බවට කාලගුණ නිවේදනයේ සඳහන්වනවා.

එනමුත් හෙට (03) දිනයේ සිට, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් ඇති වෙමින් පවතින බවද එම නිවේදනයේ පැවසෙනවා.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝ මීටර් 35 – 45 පමණ වේගයකින් තරමක තද සුළං ඇති විය හැකි බවටද කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?