අද දිනයේ දුම්රිය ගමන්වාර 60කට වැඩි සංඛ්‍යාවක් අවලංගුයි

අද (02) උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 09 ක් අවලංගු කර තිබෙනවා.

මේ අතර සේවක හිඟය හේතුවෙන් අද (02) දිනය තුළ දුම්රිය ගමන්වාර 60කට වැඩි සංඛ්‍යාවක් අවලංගු විය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසුවා.

500කට ආසන්න දුම්රිය සේවකයින් පිරිසක් විශ්‍රාම ගැන්වීමත් සමඟ ඇති වූ සේවක පුරප්පාඩුව හේතුවෙන් ඊයේ (01) දිනයේ දී ද ගමන්වාර 30ක් අවලංගු කිරීමට සිදුව තිබෙනවා.

මේ අතර විශ්‍රාම ගිය සේවකයින්ට යළි කොන්ත්‍රාත් පදනම මත සේවයට වාර්තා කරන්නැයි දන්වා ජනාධිපති ලේකම්වරයා ඊයේ උපදෙස් ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?