ඉන්දුනීසියාවේ ජාවා දූපතට උතුරු මුහුදේ රික්ටර් මාපකයේ ඒකක 7ක අගයක් ගත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.පෙරයි උතුරු මුහුදේ දී මෙම භූ කම්පනය සිදුව ඇති අතර
භූමිකම්පාව කිලෝමීටර් 632 ක ගැඹුරු ප්‍රදේශයකින් ඇති ව තිබෙනවා.
විනාඩි 20කට පමණ පසුව යළිත් රික්ටර් මාපක 5.5ක ප්‍රබලත්වයෙන් පසු කම්පන තත්ත්වයක් ද හටගෙන තිබෙනබව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඉන්දුනීසියාවට මෙම භූ කම්පනයෙන් සුනාමි අවධානමක් නොමැති බවට එරට භූ භෞතික විද්‍යාඥයින් ප්‍රකාශ කලා.
තවමත් මෙම භූ කම්පනයෙන් සිදු වූ ජීවිත හෝ දේපළ හානි ගැන වාර්තා වී නොමැත
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




