අද ඉන්ධන නිකුත් කිරිම සම්බන්ධ නිවේදනයක්

අද (25) සිට QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම දීප ව්‍යාප්තව ආරම්භ කෙරෙනවා. පසුගිය දිනවල සිදු කෙරුණු QR කේත නියමු ව්‍යාපෘතිය සාර්ථක බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ට්විටර් පණිවිඩයක් නිකුත්මින් අමාත්‍යවරයා දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 20කදී රථවාහන 4,708ක් යොදාගනිමින් ජාතික ඉන්ධන අවසර බලපත්‍ර ක්‍රමවේදය අත්හදාබැලූ බවයි

කෙසේ වෙතත් සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ඉන්ධන පිරවුම්හල්වලින් QR කේතය යටතේ ඉන්ධන නිකුත් කිරීම අද (25) සිට ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යාංශය කියා සිටියත් කිසිදු ඉන්ධන පිරවුම්හලක් ඒ සම්බන්ධයෙන් දැනුවත් කර නොමැති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න පවසා සිටින්නේ තවමත් ඉන්ධන නොලැබෙන පිරවුම්හල් රට පුරා ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
65
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?