දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට සැදැහැවතුන් විශාල පිරිසක්

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කෙරුණු ඓතිහාසික “දෙව්නිමෝරි” ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේදී සියැසින් දැක වන්දනාමාන කර ගැනීමේ අවස්ථාව අද (05) පෙරවරුවේ සිට ලබන 11 වැනිදා දක්වා මෙරට ජනතාවට පවතිනවා.

ඒ අනුව අද (05) උදෑසන සිටම ”දෙව්නිමෝරි” ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා අද (05) උදෑසන සිට මේ දක්වා විශාල සැදැහැවතුන් පිරිසක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණෙනමින් සිටිනවා.

අද දින සිය ලබන 11 වැනිදා දක්වා දින හතක් පැවැත්වෙන, ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාව සඳහා හුණුපිටිය, ගංඟාරාම විහාරස්ථානය අවට ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වන බව පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්