මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 08ක් මාට්ටු

මොරටුව බස් නැවතුම්පොළෙන් පිටත් වන බස් රථයන්හි රියදුරන් සහ කොන්දොස්තවරුන් මත්ද්‍රව්‍ය පානය කර ඇත්දැයි සොදිසි කිරිම සදහා හදිසි වෛද්‍ය පරීක්ෂණයක් අද (05) උදැසන සිට සිදු කරනු ලැබුවා.

මොරටුව සහ ගල්කිස්ස පොලිස් ස්ථානවල නිලධාරීන්, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කළමනාකරු රවී වෙත්තසිංහ ඇතුළු නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙනු මෙම පරීක්ෂාව පැය 06ක පමණ කාලයක් පැවැත්වුණා.

එහිදී බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 250 ක් පමණ පරික්ෂණයට භාජනය වූ බවයි වාර්තා වන්නේ.

පරික්ෂාවට භාජනය වූ එම පිරිස අතරින් පුද්ගලයන් 08 දෙනෙක් විෂ මත්ද්‍රව්‍යක් භාවිතා කර ඇති බවට තහවුරු වු බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීණි සමරසේකර පවසනවා.

ගංජා මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පුද්ගලයන් 05 දෙනෙක්, හෙරොයින් භාවිතා කර ඇති එක් අයෙක් සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති එක් අයෙක්, අයිස් හා හෙරොයින් යන මත්ද්‍රව්‍ය දෙකම පානය කරන එක් අයෙක් වශයෙන් මුළු ගණන 08 දෙනක් මෙම වෛද්‍ය පරීක්ෂණයෙන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු වූ බව පොලිසිය සඳහන් කළා.

මත්ද්‍රව්‍ය භාවිතා කර ඇතැයි තහවුරු වූ සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40