පාකිස්ථානය සමඟ තරගයට අපි කොළඹට එනවා – ඉන්දීය නායකයා කියයි

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් 2026 පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය හෙට (07) ආරම්භ වනවා.

තරගාවලියේ තීරණාත්මක සහ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුවන තරගයක් වන ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය එළඹෙන 15 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

තරගාවලිය වෙනුවෙන් පාකිස්ථාන කණ්ඩායම මේ වනවිටත් කොළඹට පැමිණ සිටින අතර, ඔවුන් පවසා ඇත්තේ 15 වනදා ඉන්දියාව සමඟ තරගයට ක්‍රීඩා නොකරන බවයි.

පාකිස්ථාන රජය විසින් ගෙන ඇති මෙම තීරණයට එකහෙළා එකඟවන බවයි පාකිස්ථාන විස්සයි විස්ස නායක සල්මන් අලි අගා ලෝක කුසලාන තරගාවලියට පෙර ඊයේ (05) කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ.

කෙසේ වෙතත් පෙබරවාරි 15 ​​වැනි දින පාකිස්ථානයට එරෙහිව පැවැත්වෙන ලෝක කුසලානයේ තරගය සඳහා ඉන්දීය කණ්ඩායම කොළඹට පැමිණෙන බව ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් තහවුරු කරනු ලැබුවා.

ඊයේ (05) මුම්බායි හි පැවති පූර්ව තරඟාවලියේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් යාදව් පැවසුවේ, ඉන්දියාව පාකිස්ථානය සමඟ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර නොමැති බවත්, කොළඹට යෑමට ඔවුන්ගේ ගුවන් ගමන දැනටමත් වෙන්කරවා ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත විශේෂ ලිපියක් යොමුකරමින් පවසා ඇත්තේ එළඹෙන 15 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව මෙම තරගය ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ඉහළ බලාපොරොත්තු තබා සිටින තරගයක් බවයි.

ඒ, අනුව සමස්ත ක්‍රිකට් ප්‍රජාවගේ සහ ලොව පුරා විසිරී සිටින මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ යහපත උදෙසා, මෙම තරගය වර්ජනය කිරීමේ හෝ මගහැරීමට ගෙන ඇති තීරණය නැවත සලකා බලන ලෙසයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පකිස්ථානයෙන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56