අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සංගම් දෙකක් ගැටුමක – 7ක් අත්අඩංගුවට (ඡායාරූප)

අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් දෙකක් අතර අද (27) දහවල් ගැටුමක් හටගෙන තිබෙනවා.

ගැටුමට සම්බන්ධ කාන්තාවන් 7 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවයි වවුනියාව පොලිසිය සඳහන් කළේ.

වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය හා උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ සංගමය යන නමින් වූ සංවිධාන දෙකක් අතර ගැටුම හටගෙන තිබෙනවා.

උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ සංගමය නමින් පෙනී සිටින සංවිධානයක් විසින් වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ සංගමය වෙනුවෙන් නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට සුදානම් වීම සමඟ ගැටුම හට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ සංගමය නමින් වන සංවිධානයක නියෝජිතයින් පිරිසක් පැවසූවේ වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ සංගමය ලෙසට සංවිධානයක් පවත්වා නිලධාරි මණ්ඩලයක් සිටින අවස්ථාවක, උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ සංගමය නමින් වන සංවිධානයක් වවුනියාව දිස්ත්‍රික්කයට නව අතුරුදහන්වූවන්ගේ සංගමයක් පිහිටුවා නව නිලධාරීන් පත් කිරීමට සුදානම් වන බවයි.

නව සංවිධානයක් බිහි කිරීමට තමන් කිසිදු අවස්ථාවක් නොදෙන බව වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ සංගමයේ නියෝජිතයින් අවධාරණය කර තිබෙනවා.

වවුනියාව නගර සභා ශාලාව දෛනික කුලී පදනම මත ලබාගත් උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ සංගමය වවුනියාව දිස්ත්‍රික්කයට නව නිලධාරීන් පත් කිරීමට සුදානම් වූ අවස්ථාවේ දෙපිරිස අතර බහින් බස්වීමක් හට ගැනුණා.

වවුනියාව නගර සභා නිලධාරීන් දෙපිරිස අතර ගැටුම හටගත් අවස්ථාවේ සිය පරිශ්‍රය තුළ කිසිදු ආකාරයක ගැටුමක් ඇතිවීමට ඉඩ නොදෙන බැවින් නගර සභා පරිශ්‍රයෙන් අදාළ දෙපාර්ශවයම ඉවත් කර තිබෙනවා.

ප්‍රදේශවාසීන් පැවසූවේ අතුරුදහන්වූවන් වෙනුවෙන් තමන් පෙනී සිටින බවට පවසා ඇතැම් සංවිධාන මුදල් ඉපැයීමේ මාර්ග සකස් කර ගනිමින් සිටින අතර, අතුරුදහන්වූවන්ගේ සංවිධාන නමින් උතුරු නැගෙනහිර පවතින සංවිධාන රැසක් අභ්‍යන්තරයේ විවිධ ගැටුම් පවතින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලක් මත වවුනියාව පොලිස් නිලධාරීන් පැමිණ ගැටුමට හේතුවු පිරිසෙන් කාන්තාවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසියයි වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22