අතුරුදන්ව සිටි නල්ලතන්නියේ සිසුන් තිදෙනා මඩකලපුවෙන් හමුවේ

පෙරේදා (26) දිනයේ සිට අතුරුදන්ව වූ නල්ලතන්නිය, ලක්ෂපාන, වාලමලෙයි වතුයායේ පදිංචිව සිටි පාසල් සිසුන් තිදෙනා මඩකලපුව, චෙන්කල්අඩි ප්‍රදේශයේ දී සොයාගෙන තිබෙනවා.

මොවුන් තිදෙනා එම ප්‍රදේශයේ රැකියාවක් සොයමින් සිටිය දී පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් පොලිසියට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (27) රාත්‍රියේ දී මෙම සිසුන් දෙදෙනා මෙලෙස පොලිසියට වෙත භාරදීමටයි කටයුතු කර තිබූ බවයි වාර්තා වුණේ.

වතුයායේ පිහිටි දමිළ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන මොවුන් තිදෙනා පෙරේදා (26) පෙරවරුවේ පාසල් යන බව පවසා නිවසින් පිටව ගොස් තිබුණා.

කෙසේ වෙතත් 15 හැවිරිදි වියේ පසුවන ඔවුන් පාසලට නොගොස් නල්ලතන්නිය නගරයට පැමිණ ආපනශාලාවකින් ආහාර ද ගෙන පිටව ගොස් තිබූ බවටයි තොරතුරු අනාවරණය වුණේ.

ඒ, අනුව මොවුන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් දෙමව්පියන් විසින් මස්කෙළිය පොලිසිය වෙත පැමිණිලි කිරීමෙන් පසු මෙම සිසුන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?