ඉන්ධන මිළ ගණන් ඉහළ යාමත් සමග පාන් ඇතුලු බේකරි සහ ආපනශාල නිශ්පාදන සදහා පණවා තිබු පාලන මිළ ඉවත් කිරීමට අදාල පාර්ශව විසින් ගෙන ඇති තීරණ සදහා රජය සම්පූර්ණයෙන් වගකිව යුතු බව සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමන පවසනවා.
පාළන මිලෙන් ඉවත් වීමට මූලීක හේතුව රජය විසින් ඉන්ධන මිල ඉහල දැමීම බව පවසන ඔහු වැඩි දුරටත් කියා සිටියේ හෝටල් සහ ආපනශාලා වලට පාඩු සිදු නොවන ආකාරයට ඔවුන්ට කැමති මුදලක් අය කිරීමේ හැකියාවක් ඇතිබව පවසා සිටියා.
මැති ඇමතිවරු සියලු සැප සම්පත් විදින අතරම ජනතාව සියලු දුක් ඉසිලීමට සෘජුවම රජය වග කිවයුතු බව ඔහු මෙහිදි වැඩි දුරටත් සදහන් කරා.
එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා කියා සිටියේ ලංකා ඉතිහාසයේ කිසිදිනෙක උදා නොවූ අසුන්දර කාල පරිච්ඡේදයක් මේ වනවිට උදාවෙමින් පවතින බවයි.




