අතෑරපු කැච් ටික ඇල්ලුවා නම් තීරණය මීට වඩා වෙනස් වෙන්න තිබ්බා – වාර්තා පොත් අලුත් කළ පැතුම් කී කතාව

ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය හොංකොං රාජ්‍ය සමඟ ඊයේ (15) රාත්‍රියේ පැවැත් වුණා.

මෙම තරගයෙන් කඩුලු 04ක ජයක් වාර්තා කරන්නට චරිත් අසලංක ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා.

ජගත් විස්සයි විස්ස පිටියේ මේ වනවිට 07 වන ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකාවට, විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 24 වන ස්ථානයේ පසුවන හොංකොං කණ්ඩායමෙන් මෙම තරගයේ දී ප්‍රබල අභියෝගයක් එල්ල වූ අයුරු දැකගත හැකි වුණා.

මෙම තරගයේ දී පළමු පන්දුවට පහර දුන් හොංකොං කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 150ක ඉලක්කයක් හිමි වූ අතර, එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාවට හොංකොං පන්දු යවන්නන්ගෙන් එල්ල වූයේ ප්‍රබල අහියෝගයක්.

ඒ, අනුව අදාළ ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට පන්දුවාර 18යි පන්දු 05ක් වැය කිරීමට සිදු වූ අතර, එහිදී ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 06ක් බිඳ වැටුණා.

මේ අතර තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සඳහන් කළේ හොංකොං කණ්ඩායම හොඳ තරගයක් ලබාදුන් බවයි.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ දී හොංකොං කණ්ඩායමේ ක්‍රීඩකයින් අතින් ගිලිහුණු උඩපන්දු අල්ලාගෙන තිබුනා නම් තරගයේ තීරණය මීට වඩා වෙනස්වීමට තිබූ බවත් පැතුම් මෙහිදී සඳහන් කළා.

මේ අතර ඊයේ තරගයේ දී පැතුම් ලකුණු 68ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත් වූ අතර, මෙම තරගයේ දී ඔහු නව වාර්තාවක් පිහිටවනු ලැබුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස අර්ධ ශතක රැස්කළ පිතිකරුවා බවට පත්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
64
+1
5
+1
13
+1
1
+1
1
+1
6
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?