අතෑරපු කැච් ටික ඇල්ලුවා නම් තීරණය මීට වඩා වෙනස් වෙන්න තිබ්බා – වාර්තා පොත් අලුත් කළ පැතුම් කී කතාව

ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය හොංකොං රාජ්‍ය සමඟ ඊයේ (15) රාත්‍රියේ පැවැත් වුණා.

මෙම තරගයෙන් කඩුලු 04ක ජයක් වාර්තා කරන්නට චරිත් අසලංක ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා.

ජගත් විස්සයි විස්ස පිටියේ මේ වනවිට 07 වන ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකාවට, විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 24 වන ස්ථානයේ පසුවන හොංකොං කණ්ඩායමෙන් මෙම තරගයේ දී ප්‍රබල අභියෝගයක් එල්ල වූ අයුරු දැකගත හැකි වුණා.

මෙම තරගයේ දී පළමු පන්දුවට පහර දුන් හොංකොං කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 150ක ඉලක්කයක් හිමි වූ අතර, එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාවට හොංකොං පන්දු යවන්නන්ගෙන් එල්ල වූයේ ප්‍රබල අහියෝගයක්.

ඒ, අනුව අදාළ ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට පන්දුවාර 18යි පන්දු 05ක් වැය කිරීමට සිදු වූ අතර, එහිදී ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 06ක් බිඳ වැටුණා.

මේ අතර තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සඳහන් කළේ හොංකොං කණ්ඩායම හොඳ තරගයක් ලබාදුන් බවයි.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ දී හොංකොං කණ්ඩායමේ ක්‍රීඩකයින් අතින් ගිලිහුණු උඩපන්දු අල්ලාගෙන තිබුනා නම් තරගයේ තීරණය මීට වඩා වෙනස්වීමට තිබූ බවත් පැතුම් මෙහිදී සඳහන් කළා.

මේ අතර ඊයේ තරගයේ දී පැතුම් ලකුණු 68ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත් වූ අතර, මෙම තරගයේ දී ඔහු නව වාර්තාවක් පිහිටවනු ලැබුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස අර්ධ ශතක රැස්කළ පිතිකරුවා බවට පත්වෙමින්.

  1. අපේ අය බඩගාලා දිනනවා කියන්නේ මේවට.
    කුසල් පෙරේරා නැති ලකුනකට දුවලා පැතුම්ව අවුට් කරලා ගොං ශොට් එකක් ගහලා ඒකත් අවුට් උනා.
    අනේ මන්දා මුං මේ රට වෙනුවෙන් ගහනවා කියන්නේ මේවටද කියලා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11