දඹුල්ලේ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ, එස් වංගුව ප්‍රදේශයේ අද (11) අලුයම කැබ් රථයක් සහ අත් ට්‍රැක්ටරයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටරයට පසුපසින් පැමිණි කැබ් රථය ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.
අනතුරින් ට්‍රැක්ටරයේ ගමන් ගත් අවුරුදු 38ක පුදග්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 38ක දඹුල්ල, අතුපාර යාය ප්‍රදේශයේ පදිංචිව සිටි එක්දරු පියෙක්.
අනතුර සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1













