අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් ගැන දැනුම්දීමක්

ජනතාවගේ එදිනෙදා පරිභෝජනයට අත්‍යවශ්‍ය වන භාණ්ඩ කිහිපයක් අලෙවි කෙරෙන මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් පෙන්වා දෙන්නේ වෙළඳපොල තුල භාණ්ඩ මිල ඉහළ යාම මෙන්ම ඇතැම් සිල්ලර වෙළඳසැල් හිමියන් අසාධාරණ මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කරන බව මේ දිනවල නිරන්තරයෙන් සාකච්ඡා වන කරුණක් බවයි.

මේ හේතුවෙන් භාණ්ඩ වර්ග කිහිපයක මිල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශයට පත්කර ඇති අතර මෙමගින් ප්‍රජාව දැනුවත් වීමට අමතරව වෙළඳපොල මිල නියාමන කටයුතු සඳහා ද පහසුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ වියළි මිරිස් කිලොවක් පිටකොටුවේ තොග මිල රුපියල් 900ක් වන අතර එය සිල්ලර මිලට අලෙවි කරනු ලබන්නේ රුපියල් 1100ත් 1300ත් අතර මිලකට බවයි.

සුදු සීනි පිටකොටුවේ තොග මිල රුපියල් 280ක් වන අතර සිල්ලර මිල රුපියල් 280ත් 320ත් අතර මිල පරාසයක පවතිනවා.

ආනයනික හාල්මැස්සන් කිලෝවක් පිටකොටුවේ තොග මිල රුපියල් 950ක් වන අතර සිල්ලර මිල පවතින්නේ රුපියල් 1000ත් 1350ත් අතර මිලකයි.

ආනයනික ලොකු ලූණු පිටකොටුවේ තොග මිල රුපියල් 380ක් වනවා. එය සිල්ලර වෙළඳපොල තුල අලෙවි කරනු ලබන්නේ රුපියල් 420ත් 580ත් අතර මිලකටයි.

ආනයනික අල පිටකොටුවේ තොග මිල රුපියල් 140ක් වනවා. එහි සිල්ලර වෙළඳපොල මිල රුපියල් 160ත් 200ත් අතර වන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.

මයිසූර් පරිප්පු කිලෝවක් පිටකොටුවේ තොග මිල රුපියල් 290ක් වන අතර සිල්ලර මිල රුපියල් 320ත් 360ත් අතර පවතිනවා.

WhatsApp Image 2024 01 10 at 15.49.52 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
1
+1
3
+1
0
+1
1
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07