එළඹෙන උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට වෙළඳපොළ තුළ පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ හා වෙළඳුන්ගේ සංගමය පවසනවා.
අද (31) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ ලේකම් පී.සුබ්‍රමනියම් මේ බව සඳහන් කළා.
ඒ, අනුව ලේකම්වරයා පාරිභෝගික ජනතාවට දැනුම් දෙන්නේ භාණ්ඩ හිඟයක් ඇතිවෙතැයි බියෙන් අනවශ්‍ය ලෙස තොග රැස්කර ගැනීම් සිදුනොකරන ලෙසයි.
එසේ සිදුකළ හොත් වෙළඳපොළ තුළ අනවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වී අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළයාමක් සිදුවනු ඇති බවයි ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර ඇතැම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල සුළු ඉහළයාමක් සිදුව ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.













