අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශ වලට පසුගිය පැය කිහිපය තුළ සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ, අනුව ඉදිරි පැය 24 ක් දක්වා වූ කාලය තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශ වලින් ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බවයි අනතුරු අඟවා සිටින්නේ.
එම පහත් බිම් හරහා වැටී ඇති ඇතැම් මාර්ග, ඇතැම් ස්ථානවලින් ජලයෙන් යටවීමේ අවධානමක් ද පවතින අතර, මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රවේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මේ වන විට ජලාශයට ලැබෙන ජල ධාරිතාව අනුව මෙම ප්‍රමාණය ඉදිරියේදී තව දුරටත් වැඩිකිරීමට සිදුවිය හැකි අතර, මෙම තත්වය මත දැදුරු ඔය ද්‍රෝණියේ පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රවේශ වලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට ද අනතුරු අඟවනවා.















