අත්අඩංගුවේදී මියගිය සැකකරු ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවේදී මියයාම සම්බන්ධයෙන් පොලිසිය අද කරුණු පැහැදිළි කිරීමක් සිදු කළා.

අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ මෙම සිද්ධියේදී නිලධාරීන් අතින් වරදක් සිදුවී ඇත්නම් ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බවයි.

මෙම සිද්ධියට අදාළ කරුණු අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව නිලධාරීන් අතින් වරදක් සිදුවී ඇත් ද යන්න තීරණය කෙරෙනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ නාරාහේන්පිට ප්‍රදේශයේ කිසියම් අයෙක් මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතව සිටින බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට තොරතුරක් ලැබී තිබු බවයි.

ලැබී තිබූ තොරතුරු අනුව උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගොස් ඇත්තේ පසුගිය 10 වනදා සවසයි.

නාරාහේන්පිට ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනයේදී හෙරොයින් ග්‍රෑම් 15කට ආසන්න ප්‍රමාණයක් සහ රුපියල් එක්ලක්ෂ පන්දහසක මුදලක් ද ඔහු සතුව තිබී සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාශය සැකකරුගෙන් ප්‍රශ්ණ කර මත්ද්‍රව්‍ය ජාලයේ සිටින පුද්ගලයන් පිළිබඳ ප්‍රශ්න කර නෙළුම් කුලුන ආසන්න ප්‍රදේශයට රැගෙන විත් ප්‍රශ්ණ කර තිබුණා.

එහිදී සැකකරු ආවේගශීලීව හැසිරීම හේතුවෙන් ඇතිවූ සිදුවීමක් හමුවේ ඔහු සිහි මූර්ජා වී කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

රෝහලට ඇතුලත් කරන විට ඔහු මියගොස් ඇති බවටයි වෛද්‍යවරුන් දැනුම්දී ඇත්තේ.

සැකකරුගේ මරණය පිළිබඳ ඊයේ (11) පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇති අතර එම වාර්තාව ලැබීමෙන් පසු අදාළ තොරතුරු මත අදාළ ක්‍රියාමාර්ග ගැනීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කටයුතු කරන බව නිහාල් තල්දූව මහතා සඳහන් කළා.

විශේෂයෙන් මෙම සිදුවීම පිළිබඳ පොලිසියේ අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන අතර නිලධාරීන් නීති විරෝධීව හෝ බලය ඉක්මවා කටයුතු කර අපරාධයක් සිදු කර ඇත් ද යන්න සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කෙරෙනවා.

නිලධාරීන් යම් වරදක් සිදුවී ඇත්නම් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

මූලික විමර්ශනවලින් අනතුරුව මෙම නිලධාරීන් අපරාධමය වරදක් සිදුකර ඇත්නම් ඊට අදාළව ද පියවර ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ.

කොළඹ මධ්‍යම කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මූලිකත්වයෙන් මෙම පරීක්ෂණ සිදු කෙරෙනවා. මියගොස් ඇති මෙම පුද්ගලයා තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝ ඔයාලගේ උද්ඝෝෂණයට කවුරුත් නෑනේ ? - ආපු අය Missing..ශම්මි GO HOME විරෝධතාවයට අද ආවේ 4 ක්
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40
Video thumbnail
දොළොස් හැවිරිදි දැරියකට කැත වැඩක් කර එළොව යැවූ විත්තිකරුවකුට ම#ණ දඬුවම
00:57
Video thumbnail
ඉරාන දෙවෙනි නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දර්ශන පෙළක්
03:08
Video thumbnail
Kasthirama | "රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රගතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:21:25
Video thumbnail
දවස් ගානක් මහ පාන්දරම ඇවිත් ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට සොරදෙටුවා දෙන ෆුල් සුද්දය
01:10