UPDATE:- දේශබන්දුගෙන් රීට් පෙත්සමක් – පෙත්සම කැඳවීම අනිද්දා

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනු කළ රීට් පෙත්සම එළඹෙන 12 වැනිදා (අනිද්දා) දිනයේ දී කැඳවීමට නියෝග කර තිබෙනවා.

එම පෙත්සම අභියාචනාධිකරණයට දේශබන්දු තෙන්නකෝන්ගේ නීතිඥවරුන් විසින් ගොනු කරනු ලැබුවේ සිය සේවාදායකයාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලමින්.

ඒ, අනුව අදාළ පෙත්සම අනිද්දා දිනයේ දී කැඳවීමට අවශ්‍ය නොතීසි යවන ලෙසට අධිකරණය දැනුම්දී තිබෙන බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

මෙම පෙත්සම අද (10) අභියාචනාධිකරණ සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

2023 වසරේ මාතර වැලිගම w15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් පෙබරවාරි 27 වැනිදා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස විසින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු අටදෙනකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරුණා.

Update – Monday, March 10, 2025, 12.05PM

තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් යොමු කර තිබෙනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නීතිඥවරුන් ගොනු කළ සම්පූර්ණ රීට් පෙත්සම මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
8
+1
2
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විහිළුකාර වැඩ බැරි ටාසන්ලා මේ ආණ්ඩුවේ ඉන්නේ
03:26
Video thumbnail
මහින්දට සල්ලි දුන්නා කියලා බලෙන් ප්‍රකාශය අරන් තියෙන්නේ
06:38
Video thumbnail
ට්‍රාන්ස්ෆෝමරයක් රැගෙන ගිය ලොරියක් බිහිසුණු අනතුරකට මුහුණදෙයි
01:03
Video thumbnail
මෝ#යො ටිකක් හිතාගෙන ඉන්නේ ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා..විපක්ෂයට සැර සත්තමක්
05:55
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
06:55:28
Video thumbnail
RDA කරපු කැත වැඩක් නිසා මිනිස්සු නොසන්සුන් වෙයි..ආ ගන්න Photo..ගන්න මගේ Photo..
06:15
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - මිනිස්සු නිකන් බයවෙනවනේ
03:45
Video thumbnail
රංගට කිසිම අයිතියක් නෑ එහෙම ත#ජනය කරන්න..අධ්‍යක්ෂ ජනරාල් වහාම ඉල්ලා අස්වෙන්න
09:11
Video thumbnail
කෙඳිරි ගාන්න එපා ජනාධිපතිතුමෝ - සුගීෂ්වර සැරටම කියයි
06:38
Video thumbnail
බලංගොඩ කස්සප හිමි ඉරාන තානාපති කාර්යාලයට
04:43