AFC Banner
AFC Banner
Empty Ad

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීමට මධ්‍යස්ථානයක්

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ මධ්‍යස්ථානයක් කල්පිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට අදහස් කර ඇති බව මත්ද්‍රව්‍ය පාලනය සඳහා පත්කර ඇති ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත ප්‍රනාන්දු පවසනවා.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර පාලනය කර මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳ කරුණු සොය බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට එක්වෙමින්.

කල්පිටියේ ඉදිකිරීමට යෝජිත මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ මධ්‍යස්ථානය සඳහා ජලය, සහ මාර්ග පහසුකම් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ඒ, සඳහා අවශ්‍ය වන මැදිහත්වීම තමන් විසින් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මෙහිදී සඳහන් කර සිටියා.

එමෙන්ම රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර, එහිදී කමිටු සාකච්ඡාවට සහභාගි වී සිටි නිලධාරීන් සඳහන් කළේ පසුගිය කාලයේ මේ සඳහා මාස 09 පමණ කාලයක් ගත වූ බවයි.

වර්තමානයේ මාස 03ක පමණ කාලයක් ගත වන  බවත් එම නොලධාරින් මෙහිදී පවසා සිටියා.

නිලධාරීන්ගේ හිඟය මේ සඳහා බලපා ඇති බවත්, ඒ අනුව අවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් ඔවුන් කියා සිටියා.

එමෙන්ම ඊසි කෑෂ් (ez cash) හරහා සිදුවන මුදල් ගණුදෙනු මගින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සිදුවන බවත්, මේ වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වුණා.

මේ අතර මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ කටයුතත්තට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ද සහාය ලබාගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සෞඛ්‍ය අමාත්‍යාංශයට යෝජනා කළා.

තවද තැපැල් මාර්ගයෙන් මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීමට ගෙන ඇති පියවර පිළිබඳව, පාසැල් ආශ්‍රීත මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ මුහුදු මාර්ග හරහා මත්ද්‍රව්‍ය පැමිණීම වැළක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද මෙම කමිටුව සඳහා සම්බන්ධ වූ අතර, මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සෘජුවම ජාතික ආරක්ෂාවට සම්බන්ධ බවත් මේ වෙනුවෙන් අවශ්‍ය පියවර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?