අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීමට මධ්‍යස්ථානයක්

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ මධ්‍යස්ථානයක් කල්පිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට අදහස් කර ඇති බව මත්ද්‍රව්‍ය පාලනය සඳහා පත්කර ඇති ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත ප්‍රනාන්දු පවසනවා.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර පාලනය කර මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳ කරුණු සොය බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට එක්වෙමින්.

කල්පිටියේ ඉදිකිරීමට යෝජිත මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ මධ්‍යස්ථානය සඳහා ජලය, සහ මාර්ග පහසුකම් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ඒ, සඳහා අවශ්‍ය වන මැදිහත්වීම තමන් විසින් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මෙහිදී සඳහන් කර සිටියා.

එමෙන්ම රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර, එහිදී කමිටු සාකච්ඡාවට සහභාගි වී සිටි නිලධාරීන් සඳහන් කළේ පසුගිය කාලයේ මේ සඳහා මාස 09 පමණ කාලයක් ගත වූ බවයි.

වර්තමානයේ මාස 03ක පමණ කාලයක් ගත වන  බවත් එම නොලධාරින් මෙහිදී පවසා සිටියා.

නිලධාරීන්ගේ හිඟය මේ සඳහා බලපා ඇති බවත්, ඒ අනුව අවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් ඔවුන් කියා සිටියා.

එමෙන්ම ඊසි කෑෂ් (ez cash) හරහා සිදුවන මුදල් ගණුදෙනු මගින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සිදුවන බවත්, මේ වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වුණා.

මේ අතර මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ කටයුතත්තට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ද සහාය ලබාගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සෞඛ්‍ය අමාත්‍යාංශයට යෝජනා කළා.

තවද තැපැල් මාර්ගයෙන් මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීමට ගෙන ඇති පියවර පිළිබඳව, පාසැල් ආශ්‍රීත මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ මුහුදු මාර්ග හරහා මත්ද්‍රව්‍ය පැමිණීම වැළක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද මෙම කමිටුව සඳහා සම්බන්ධ වූ අතර, මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සෘජුවම ජාතික ආරක්ෂාවට සම්බන්ධ බවත් මේ වෙනුවෙන් අවශ්‍ය පියවර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21