2024 වර්ෂයට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (04) සිට යළි ආරම්භ කිරීම සිදු කෙරෙනවා.
දිවයිනටම බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා මත උසස් පෙළ විභාගය දෙවැනි වරටත් අතරමග දී දින තුනකින් කල් දැමීම සිදු කෙරුණා.
ඒ අනුව නොවැම්බර් මස 27 වැනි දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම්දුන්නේ විභාගය දින 03ක් දක්වා කල් දැමෙන බවයි.
නමුත් යළිත් විභාගය දින තුනකට පසුව ආරම්භ වීමට නියමිත ව තිබුණ ද අයහපත් කාලගුණය ඊට ඉඩක් ලබා නොදුන් නිසා යළිත් දෙවැනි වරට ද විභාගය කල් දැමීම සිදු කෙරුණා.
ඒ අනුව හෙට දිනයේ දී හෙට දිනයට කාල සටහනට නියමිත විෂයයන් පැවැත්වෙනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1