අණ නොතකා ධාවන කළ මෝටර් රථයකට මාලඹේ, හෝකන්දර ප්රදේශයේ දී ඊයේ (23) රාත්රියේ පොලිසිය විසින් වෙඩි ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
මාලඹේ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ රාත්රියේ හෝකන්දර, විස්කම් මාවත ප්රදේශයේ දී වැටලීමක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
එම අවස්ථාවේ දී පැමිණි මෝටර් රථයක් නතර කරන ලෙසට පොලිස් නිලධාරීන් සංඥාකර ඇති අතර, එම අණ නොතකා රථය පසුපසට ධාවනය කිරීමටයි එහි රියදුරු කටයුතු කර ඇත්තේ.
එහිදී ක්රියාත්මක වූ පොලිස් නිලධාරියෙක් මෝටර් රථයේ රෝදයකට වෙඩි තබා ඇති අතර, එම අවස්ථාවේ දී රථය අසල විදුලි කණුවක ගැටී නතර වී තිබෙනවා.
පසුව පොලිස් නිලධාරීන් මෝටර් රථය පරීක්ෂා කිරීමේ දී එහි රියදුරු අසුන යට සඟවා තිබිය දී කේරළ ගංජා කිලෝ එකයි ග්රෑම් 800ක ප්රමාණයක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
එම අවස්ථාවේ දී මෝටර් රථයේ සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
වයස අවුරුදු 30 සහ 33 යන වයස්වල පසුවන අඹුසැමි යුවළක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර සිදුකළ ප්රශ්න කිරීම්වල දී ඔවුන්ගේ නිවසේ තිබී තවත් කේරළ ගංජා කිලෝ එකක ප්රමාණයක් සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.




