අණ නොතකා ගිය මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

අණ නොතකා ධාවන කළ මෝටර් රථයකට මාලඹේ, හෝකන්දර ප්‍රදේශයේ දී ඊයේ (23) රාත්‍රියේ පොලිසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මාලඹේ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ රාත්‍රියේ හෝකන්දර, විස්කම් මාවත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී පැමිණි මෝටර් රථයක් නතර කරන ලෙසට පොලිස් නිලධාරීන් සංඥාකර ඇති අතර, එම අණ නොතකා රථය පසුපසට ධාවනය කිරීමටයි එහි රියදුරු කටයුතු කර ඇත්තේ.

එහිදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියෙක් මෝටර් රථයේ රෝදයකට වෙඩි තබා ඇති අතර, එම අවස්ථාවේ දී රථය අසල විදුලි කණුවක ගැටී නතර වී තිබෙනවා.

පසුව පොලිස් නිලධාරීන් මෝටර් රථය පරීක්ෂා කිරීමේ දී එහි රියදුරු අසුන යට සඟවා තිබිය දී කේරළ ගංජා කිලෝ එකයි ග්‍රෑම් 800ක ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

එම අවස්ථාවේ දී මෝටර් රථයේ සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

වයස අවුරුදු 30 සහ 33 යන වයස්වල පසුවන අඹුසැමි යුවළක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඔවුන්ගේ නිවසේ තිබී තවත් කේරළ ගංජා කිලෝ එකක ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28
Video thumbnail
රටේ කළු ආණ්ඩුව ගැන වටගල හෙළිකරයි - රටේ පළමු පුරවැසියෝ මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න අය රැක්කා
06:15
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26