අවසන් ඇපලෝ මෙහෙයුමෙන් අඩ සියවසකට පසු, සඳ වටා ගමන් කරන පළමු කාර්ය මණ්ඩලය සහිත මෙහෙයුම වන Artemis II මෙහෙයුම ගඟනගාමීන් සිව්දෙනෙකු සමඟ මේ වනවිට අරඹා තිබෙනවා.
මෙරට වේලාවෙන් අද (02) අලුයම 4.00ට පමණ ෆ්ලෝරිඩාවේ කේප් කැනවරල්හි පිහිටි කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් Artemis II යානය සඳ මෙහෙයුම සඳහා සාර්ථකව ගමන් ආරම්භ කළා.
මෙම මෙහෙයුම දින 10 තුළ සිදුකරන අතර, මෙහිදි යානය සඳ මත ගොඩබැසීමක් හෝ කක්ෂගත වීමක් නොවන බවයි වාර්තා වන්නේ.
1972 වසරෙන් පසු මිනිසුන් සඳ වෙත යන මෙම ප්‍රථම අවස්ථාවේදී, මීට පෙර කිසිදු මානවයෙකු අභ්‍යවකාශයේ ගමන් නොකළ තරම් දුරක් ගමන් කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ද මෙම මෙහෙයුම තුළ දී සූදානම්.
මෙම සඳ මෙහෙයුම පසුගිය පෙබරවාරි මාසයේ දී සිදුකිරීමට නියමිතව තිබුණු අතර, යානයේ හීලියම් ප්‍රවාහයේ පැවති ගැටලුවක් හේතුවෙන් එය කල් දැමීමට සිදු වුණා.
මේ අතර ඇමරිකානු ජනාධිපති එරට වේලාවේ ඊයේ (01) රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකළ අතර, එම ප්‍රකාශය ආරම්භ කිරීමට පෙර ඔහු මෙම සඳ මෙහෙයුම සඳහා එක්ව සිටින කණ්ඩායම්වලට ඔහු සුබපැතුම් එක්කර සිටියා.













