අඩු මිලට ඖෂධ සැපයීම නව පනත් සංශෝධනයේ අරමුණයි – මන්ත්‍රී නිශාන්ත සමරවීර

උපරිම ඖෂධ මිලක් නියම කිරීම හරහා අඩු මිලට ඖෂධ සැපයීම, නව පනත් සංශෝධනය මඟින් බලාපොරොත්තුවන බව කෝප් කමිටු සභාපති මන්ත්‍රී නිශාන්ත සමරවීර අද (21) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අංක 244/34 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝගය පිළිබඳ විවාදය අරඹමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.

“සියලු ඖෂධ හා සුවඳ විලවුන් සම්බන්ධව තිබෙන පනත මෙයයි.රටේ ජන සමාජයට ඖෂධ සපයා ගැනීම සම්බන්ධව ගැටලු රැසක් තිබුණා. ඖෂධ නිසි කලට සපයාගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ඖෂධ සැපයුම් සියලු නියාමනයන්ට අදාළ ආයතනය වන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියයි. සමස්ත සෞඛ්‍ය සැපයුම් ජාලය ගත්විට වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඖෂධ නීතිගත සංස්ථාව වැනි ආයතන ගණනාවක් ඖෂධ සැපයුම් ක්‍රියාවලිය සමඟ ගැට ගැසී තිබෙනවා.”

මේ අතර යම් ඖෂධයක් සම්බන්ධයෙන් උපරිම මිලක් රටට අවශ්‍ය වී ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?