අඩු මිලට ඉන්ධන දෙන්නම් කියා කළ මුදල් වංචාව

යුධ හමුදා කදවුරක ඇති ඉන්ධන තොගයක් අඩු මිලට ලබා ගත හැකි බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 15ක මුදලක් රැගෙන පළා ගිය සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිරානේගම පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

සැකකරු දඹුලු හල්මිල්ලවැව ප්‍රදේශයේ පිහිටි හමුදා කඳවුරකට යාබද මාර්ගයකදී අදාළ පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 15ක මුදලක් මෙලෙස රැගෙන පළාගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මෙම මුදල් වංචාවට හසුවූ පුද්ගලයා, සිද්ධිය සම්බන්ධයෙන් ගිරානේගම පොලිස් ස්ථානයට කර ඇති පැමිණිල්ලක් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

හමුදා කඳවුරක ඇති ඉන්ධන තොගයක් අඩුමිලට ලබා ගත හැකි බවත් එම ඉන්ධන තොගය රුපියල් ලක්ෂ 15කට ලබාදිය හැකි බවයි සැකකරු විසින් මෙම පුද්ගලයාට පවසා ඇත්තේ.

එම ගනුදෙනුව සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතාවයක් අනුව ඉන්ධන තොගය රැගෙන යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් හා මුදල් ද රැගෙන වංචාවට හසු වූ පුද්ගලයා දඹුලුහල්මිල්ලවැව ප්‍රදේශයට පැමිණ තිබුණා.

එම ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරක් අසලදී පැමිණිලිකරු සහ සැකකරු හමුවී ඇති අතර අදාළ ඉන්ධන තොගය ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 15ක මුදල ඉන්ධන තොගය සතු අය වෙත ගෙවිය යුතු බැවින් එම මුදල තමා වෙතට ලබා දෙන ලෙසට පවසා සැකකරු මුදල් ලබාගෙන ඒ අසල තිබූ හමුදා කඳවුර දෙසට ගොස් මද වේලාවකින් පැමිණ යතුරු පැදියකින් පළා ගොස් තිබෙනවා.

මෙම මුදල් වංචාවට හසුව ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර ඔහු සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේ ගිරානේගම පොලිසිය වෙත පැමිණිලි කර තිබුණා.

අප වාර්තාකරු සඳහන් කළේ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව ගිරානේගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහයවීම යටතේ අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
13
+1
1
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
00:00
Video thumbnail
සර්වඥ ධාතූන් වහන්සේලා සුදු පාවඩ මැදින් දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:18
Video thumbnail
ජනාධිපතිතුමා සර්වඥ ධාතූන් වහ්සේලා වැඳ පුදාගනී
01:43
Video thumbnail
ක්‍රිකට් කියන්නේ උඹලට සල්ලි, ආතල් වෙන්න ඇති අපිට ක්‍රිකට් කියන්නේ ආගමක්..සභාපති මාරු කළොත් ඕක හරියයි
00:58
Video thumbnail
ජනාධිපතිතුමාත් ගංගාරාමයට එයි
02:20
Video thumbnail
සිවිදෙනෙකු රෝහල් ගතකළ බදුල්ලේ මහ ගින්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා ගිහින්
01:29
Video thumbnail
නිදහස් දිනයේ උතුරේ ගිනි ඇවිලෙයි - අපේ භූමිය අපිට ඕනේ, හමුදාව ඉවත්වෙනු
02:35
Video thumbnail
කලාතුරකින් දකින්න ලැබෙන නිල රථය සහ නිල ඇඳුම
01:35
Video thumbnail
සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයට යන ජනතාවගෙන් පොලිසිය කළ ඉල්ලීම
03:08
Video thumbnail
ගුජරාට් ප්‍රාන්තයේ සිට සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:48


?