අඩු මිලට ඉන්ධන දෙන්නම් කියා කළ මුදල් වංචාව

යුධ හමුදා කදවුරක ඇති ඉන්ධන තොගයක් අඩු මිලට ලබා ගත හැකි බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 15ක මුදලක් රැගෙන පළා ගිය සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිරානේගම පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

සැකකරු දඹුලු හල්මිල්ලවැව ප්‍රදේශයේ පිහිටි හමුදා කඳවුරකට යාබද මාර්ගයකදී අදාළ පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 15ක මුදලක් මෙලෙස රැගෙන පළාගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මෙම මුදල් වංචාවට හසුවූ පුද්ගලයා, සිද්ධිය සම්බන්ධයෙන් ගිරානේගම පොලිස් ස්ථානයට කර ඇති පැමිණිල්ලක් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

හමුදා කඳවුරක ඇති ඉන්ධන තොගයක් අඩුමිලට ලබා ගත හැකි බවත් එම ඉන්ධන තොගය රුපියල් ලක්ෂ 15කට ලබාදිය හැකි බවයි සැකකරු විසින් මෙම පුද්ගලයාට පවසා ඇත්තේ.

එම ගනුදෙනුව සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතාවයක් අනුව ඉන්ධන තොගය රැගෙන යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් හා මුදල් ද රැගෙන වංචාවට හසු වූ පුද්ගලයා දඹුලුහල්මිල්ලවැව ප්‍රදේශයට පැමිණ තිබුණා.

එම ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරක් අසලදී පැමිණිලිකරු සහ සැකකරු හමුවී ඇති අතර අදාළ ඉන්ධන තොගය ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 15ක මුදල ඉන්ධන තොගය සතු අය වෙත ගෙවිය යුතු බැවින් එම මුදල තමා වෙතට ලබා දෙන ලෙසට පවසා සැකකරු මුදල් ලබාගෙන ඒ අසල තිබූ හමුදා කඳවුර දෙසට ගොස් මද වේලාවකින් පැමිණ යතුරු පැදියකින් පළා ගොස් තිබෙනවා.

මෙම මුදල් වංචාවට හසුව ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර ඔහු සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේ ගිරානේගම පොලිසිය වෙත පැමිණිලි කර තිබුණා.

අප වාර්තාකරු සඳහන් කළේ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව ගිරානේගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහයවීම යටතේ අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46