Empty Ad
AFC Banner
Empty Ad

අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ මූලික විරෝධතාවක් අධිකරණයෙන් ඉවත දමයි

2012 වසරේ ග්‍රීක ආර්ථිකය බිඳවැටෙන බව දනිමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.8කට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය අද (21) ප්‍රතික්ෂේප කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබුවා.

විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිට නීතිඥවරු මීට පෙර මූලික විරෝධතා මතු කර තිබුණා.

ඒ අනුව අදාළ අධිචෝදනා පත්‍ර ප්‍රතික්ෂේප කොට විත්තිකරුවන් නිදහස් කරන ලෙසත් එම මූලික විරෝධතාවලින් ඉල්ලා තිබුණා.

එහෙත් ඒ පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරන බවයි.

ඒ අනුව අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කරන බවත් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළා.

මෙම නඩුවේ එක් විත්තිකරුවකු මේ වන විට මියගොස් ඇති බව ප්‍රකාශ වී ඇති නිසා ඒ බව තහවුරු කිරීම සඳහා සාක්ෂි ලැයිස්තුවක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා විසින් අල්ලස් කොමිසමට නියෝග කළා.

ඒ පිළිබඳව විමසීම සඳහා නඩුව අප්‍රේල් මස 4 වන දා කැඳවන ලෙසත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:50:31
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?