අග්‍රාමාත්‍යතුමා දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී

මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16 ) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් දළදා මාලිගාවට පැමිණි අග්‍රාමාත්‍යතුමා පිළිගනු ලැබුවේය.

අනතුරුව අග්‍රාමාත්‍යතුමා දළදා වහන්සේ වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේය.

දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමා මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

අනුශාසනා පැවැත්වීමෙන් අනතුරුව නාහිමියෝ අග්‍රාමාත්‍යතුමාට තිළිණයක් ලෙස බුදු පිළිමයක් ප්‍රදානය කළහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?