අග්‍රාමාත්‍ය කාර්යාලය වියදම් 46%කින් අඩු කරයි

ගතවූ ඔක්තෝබර් මාසය වනවිට 2022 වසරට සාපේක්ෂව අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 46%කින් අඩු කිරීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඒ අනුව 2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී 21%කින් හා මෙම වසරේ ඔක්තෝබර් වනවිට 46%කින්, අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සිමාකර ඇති බවයි සඳහන් වන්නේ.

2021 වසරේදී රුපියල් මිලියන 1661.7ක් වූ වියදම 2022 වසරේ 1310.4ක් වූ අතර පසුගිය ඔක්තෝබර් මාසය වනවිට එම අගය මිලියන 705.7ක් දක්වා අඩු කර තිබෙනවා. විශේෂත්වය වන්නේ 2021 වසරේදී අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා අය වැයෙන් වෙන් කළ  රුපියල් මිලියන 1661.7ම වියදම් කර තිබුණද 2022 දී වෙන් කළ රුපියල් මිලියන 1432.8න් 1310.4ක් පමණක් වියදම් කිරීමත්, 2023දී වෙන්කළ රුපියල් මිලියන 1012.0න් මිලියන 705.7ක් පමණක් වියදම් කිරීමයි.

දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට පෙර 2021-2022 කාලයේ අගමැති කාර්යාලයේ කාර්ය මණ්ඩලය 500කට අධික වුවත් මේ වනවිට එම ගණන 285 දක්වා අඩුකර තිබෙනවා.

ඒ අනුව වැටුප් වියදම 2022 වසරේ දී රුපියල් මිලියන 340.3ක් වූ අතර මෙම වසරේ 22 වනදා වනවිට එම වියදම රුපියල් මිලියන 208.2 දක්වා 39%කින් අඩුකර ඇති අතර, ලිපි ද්‍රව්‍ය වියදම 74%කින් අඩුකර ඇත්තේ විද්‍යුත් පද්ධති හරහා කාර්යාලයීය කටයුතු සිදුකිරීමත් සමගින්.

අග්‍රාමාත්‍ය කාර්යාලයට ලැබෙන ලිපිවලට පිළිතුරු සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණයට ලක්කිරීම හේතුවෙන් තැපැල් හා සන්නිවේදන වියදම 36%කින් අඩුකර ගැනීමට හැකිවී තිබෙනවා.

2022 වසරේ දී අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාහන 178ක් පැවතියත්, 2023 වර්ෂය අවසන් වනවිට ඇත්තේ සේවා අවශ්‍යතාවට ප්‍රමාණවත් වාහන 125ක සංචිතයක් පමණයි. ඒ අනුව 2022දී පැවති රුපියල් මිලියන 239.2ක වාහන නඩත්තු වියදම, 2023දී රුපියල් මිලියන 72.3 දක්වා70%කින් අඩුකරගෙන තිබෙනවා.

ඉන්ධන වියදම 26%කින් අඩු වී ඇත්තේ, 2022 වසරේදී පැවති රුපියල් මිලියන 107ක මුදල 2023දී රුපියල් මිලියන 79.3 දක්වා අඩුකර ගැනීමට හැකිවිමෙන්.

ලංකා විදුලිබල මණ්ඩලය සමග ගිවිසුම්ගතව පවත්වාගෙන ගිය විදුලි ජනක යන්ත්‍රවල වාර්ෂික නඩත්තු කටයුතු නියෝජිත ආයතන වෙත පවරා දීම මගින් මිලියන 15ක් ඉතිරි කරගැනීමට ද අග්‍රාමාත්‍ය කාර්යාලයට හැකිවූ අතර, ඒ අනුව යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ නඩත්තු වියදම අඩු වූයේ 31%කින්.

මෙලෙස කාර්යක්ෂම මුල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන යද්දී, රටේ ආර්ථික සහ සමාජ අර්බුදයෙන් මිදීම සඳහා වඩාත් හදිසි අවස්ථා වැඩි ගණනක් ආවරණය වන පරිදි අග්‍රාමාත්‍ය කාර්යාලයේ වගකීම් සම්භාරය තව තවත් පුළුල් කිරීමද විශේෂත්වයක්.

අමාත්‍ය මණ්ඩලය මගින් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පවරා ඇති අතිරේක කාර්යය භාරයන්ද සාර්ථකව ඉටු කරමින් කාර්යාලයේ සේවාවන් බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාම උදෙසා, වියදම් සීමා කිරීම කිසිදු බාධාවක් වී නැහැ.

මහා පරිමාණ ව්‍යාපෘති 262 සම්බන්ධ ගැටළු නිරාකරණය උදෙසා ජාතික මෙහෙයුම් මැදිරිය සතිපතා ක්‍රියාත්මක කිරීම මෙන්ම, ජාතික ජල සම්පත් ප්‍රතිපත්තියක් සැකසීම, ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් සැකසීම, තිරසාර බලශක්ති ප්‍රතිපත්තියක් සැකසීම, අධ්‍යාපන උපාය මාර්ග සහ ප්‍රතිපත්ති රාමු සැකසීම යන අතිරේක කාර්යයන් ඉටු කිරීම ද, අග්‍රාමාත්‍ය කාර්යාලයට පැවරී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?