චීනයේ බීජිං නුවර පැවැත්වෙන, 2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගීවීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඊයේ (11) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගියා.
එයාර් චයිනා ගුවන් සේවයට අයත් ඒ.සී. 426 දරණ ගුවන් යානයෙන් රාත්‍රී 10.15ට කටුනායක ගුවන් තොටුපොළෙන් චීනයේ චෙන්ඩු නුවර බලා අග්‍රාමාත්‍යවරිය පිටත්ව ගිය බවයි දසත නිවුස් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.
අග්‍රාමාත්‍යවරිය සමඟ දෙදෙනෙකුගෙන් සමන්විත ධූත පිරිසක් මේ සමඟ චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.
මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනය අනුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය චීනය බලා පිටත්ව ගොස් ඇති අතර, ලබන 15 වනදා දක්වා එරට සංචාරය කිරීමට නියමිතයි.
මෙම සංචාරය අතර තුර චීන ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැං සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද අග්‍රාමාත්‍යවරිය සහභාගීවීමට නියමිත බවයි වාර්තා වුණේ.





