අග්‍රාමාත්‍යවරිය ඉන්දියාවේ නිල සංචාරයකට පිටත්ව යයි

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, ඉන්දියාවේ රාජතාන්ත්‍රික නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළා.

ඇය සමග දූත පිරිස ලෙස තවත් දෙදෙනෙකු එක් වී සිටි අතර , ඔවුන් අද (16) අලුයම 12.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 191 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා..

ඉන්දියාවේ පැවැත්වෙන එන්.ඩී.ටී.වී.නැමති සමුළුවක ප්‍රධාන දේශනය පැවැත්වීම ද අග්‍රාමාත්‍යතුමිය විසින් සිදු කිරීමට නියමිතයි.

මෙම පිරිස අනිද්දා (18) දින සිය ඉන්දීය සංචාරය නිමා කර ආපසු මෙරටට පැමිණෙන බවයි පැවසෙන්නේ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?