අගමැති හරිනි අමරසූරිය නමින් ඉන්දියාවේ පර්යේෂණ ඒකකයක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය ඉන්දීය නිල සංචාරය අතරතුර ඇය සමාජ විද්‍යාව පිළිබඳ උපාධිය හැදෑරූ හින්දු විද්‍යාලයේ සහ දිල්ලි විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.

එහිදී විද්‍යාලයේ කාර්ය මණ්ඩලය, පීඨ සාමාජිකයින් සහ සිසුන් විසින් අග්‍රාමාත්‍යවරිය උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, ඇයගේ ජයග්‍රහණ අගයමින්, හින්දු විද්‍යාල පරිශ්‍රයේ “හරිනි අමරසූරිය සමාජ සහ ජනවාර්ගික පර්යේෂණාගාරය” ලෙස නම් කරන ලද නව පර්යේෂණ ඒකකයක් විවෘත කරනු ලැබුවා.

අනතුරුව අග්‍රාමාත්‍යවරිය ඉගෙන ගත් පන්ති කාමර නැරඹීමට එක් වූ අතර, හින්දු විද්‍යාලය හරහා අගමැතිනියගේ අධ්‍යයන ගමන මෙන්ම සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැපවීම සඳහා විද්‍යාලය තුළින් ලද පන්නරය සිහිපත් කරමින් ශිෂ්‍යාවක් ලෙස ගත කළ කාලය පිළිබඳ අත්දැකීම් සිසුන් සහ කාර්යමණ්ඩලය සමඟ බෙදාගත්තා.

සිසුන් ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ‘අධ්‍යාපනය යනු හුදෙක් තම අනාගතය සුරක්ෂිත කර ගැනීමක් පමණක් නොවන බවත්, එමඟින් අන් අයගේ අනාගත අභිවෘද්ධිය සඳහා ද අපව සූදානම් කරන බවත්’ සඳහන් කරමින් කුතුහලය, සහකම්පනය සහ විවේචනාත්මක චින්තනයේ වටිනාකම අවධාරණය කළා.

සියලු දෙනා ඇතුළත් වන සාධාරණ සමාජයන් නිර්මාණය කිරීමේදී සානුකම්පිත, ප්‍රජාතාන්ත්‍රික සහ ක්‍රියාකාරී පුරවැසියෙකුගේ වැදගත්කම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කර සිටියා.

හින්දු විද්‍යාලයීය නිරීක්ෂණ චාරිකාවෙන් පසු, අග්‍රාමාත්‍යවරිය 2015 වසරේ දී ක්‍රමසම්පාදන කොමිසම වෙනුවට පිහිටුවන ලද ඉන්දීය රජයේ ප්‍රතිපත්ති සංවර්ධන සහ පර්යේෂණ ආයතනයක් වන NITI Aayog හෙවත් ඉන්දීය පරිවර්තනය සඳහා වූ ජාතික ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.

මෙම නිරීක්ෂණ චාරිකාව හරහා අධ්‍යාපනය, නවෝත්පාදනය සහ රාජ්‍ය පාලනය පිළිබඳ ඉන්දියාවේ ප්‍රතිපත්ති සහ ආයතනික ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු වුණා.

ශ්‍රී ලංකාව මේ වන විට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරමින් සිටින බැවින්, NITI Aayog සංවර්ධන සහ පර්යේෂණ ආයතන නිරීක්ෂණ චාරිකාව මඟින් Atal Innovation Mission (AIM) සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පර්යේෂණ, නිර්මාණශීලී හැකියාවන් සහ ඩිජිටල් ඉගෙනීම් කටයුතු පෝෂණය කිරීම සඳහා එමඟින් සිදුවන ප්‍රවේශය ඇතුළු ඉන්දියාවේ පරිවර්තන අත්දැකීම් කෙරෙහි අගමැතිනියගේ අවධානය යොමුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48


?