AFC Banner
AFC Banner
Empty Ad

අගමැතිනි හා ලෝක බැංකුවේ කලාපීය අධ්‍යක්ෂ අතර නිල හමුවක් (ඡායාරූප)

නේපාලය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ කලාපීය අධ්‍යක්ෂ ඩේවිඩ් සිසිලෙන් (David Sislen) මහතා ඊයේ (26) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මුණ ගැසුණා.

දැනට ක්‍රියාත්මක වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිය, දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා රජයේ කැපවීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ වැටුප් පරතරය ඉවත් කිරීම පිළිබඳ ව මෙම හමුවේ දී සාකච්ඡා කෙරුණු බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා වන කළමනාකරු Gevorg Sargsyan, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ලෝක බැංකුව සහ IMF අංශයේ අධ්‍යක්ෂිකා හිමාලි බෝගොඩගෙදර, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රංජිත් ගුරුසිංහ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බුද්ධිකා විමලසේන යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?