Empty Ad
AFC Banner
Empty Ad

අගමැතිනි හරිනි ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සම කැඳවීමට දින දෙයි

අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනවාරි මස 30 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) නියම කර තිබෙනවා.

ඉකුත් වසරේ දී පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මංසන්ධියේදී ජාතික ජන බලවේගයේ කාන්තාවන් පිරිසක් විසින් පැවැත් වූ සාමකාමී විරෝධතාවට ප්‍රහාර එල්ල කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් එවක වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව මෙම පෙත්සම ගොනු වී තිබෙන බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙම පෙත්සම අද යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි, ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී තීන්දුව ලබා දුන්නා.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියේ දී අත්අඩංගුවට ගත් පිරිසකට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු කටයුත්තක් පැවැත්වෙන බවත් එම නඩු කටයුත්ත ඉල්ලා අස්කර ගන්නේ නම් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද? යන කරුණු සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි බවත් පවසා සිටියා.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා සඳහන් කළේ මීට අදාළව වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගත යුතු බවයි.

ඒ අනුව පෙත්සම යළි ජනවාරි මස 30 වනදා කැඳවීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට නියෝග කළා.

මෙම පෙත්සම ගොනු කර තිබුණේ වත්මන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතීඥ නිලන්ති කොට්ටහච්චි ඇතුළු ජාතික ජන බලවේගයේ කාන්තා ක්‍රියාකාරිනියන් පිරිසක් විසින්.

එහි වග උත්තරකරුවන් ලෙස එවක වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වැලිකඩ, තලංගම, මිරිහාන යන පොලිසිවල ස්ථානාධිපතිවරු මෙන්ම නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසක් නම්කර තිබෙනවා.

2023 වසරේ දෙසැම්බර් මස 04 වන දා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදය පැවති අවස්ථාවේ දී කාන්තාවන් මුහුණදෙන ගැටලු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්වත්ත මංසන්ධියේ තමන් රැස්ව සාමකාමී විරෝධතාවක් පැවැත්වූ බව පෙත්සම්කරුවන් සඳහන් කර සිටියා.

එම අවස්ථාවේදී පොලිසිය විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව රැස් ව සිටි පිරිසට එරෙහිව ජල ප්‍රහාර එල්ල කර සාමකාමී විරෝධතාව විසුරුවා හැරීමට කටයුතු කළ බවත් පෙත්සම්කරුවන් චෝදනා කළ අතර මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:51:09
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?