අගමැතිගේ සහායට පොහොට්ටුවේ විශාල පිරිසක් අරලියගහ මැදුරට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ඉවත් නොවන ලෙස ඉල්ලමින් විශාල පිරිසක් මේ වනවිට අරලියගහ මන්දිරයට රැස්ව ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන ආයතන නියෝජිතයන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සාමාජිකයින් සහ පාක්ෂිකයින් මෙලෙස අරලියගහ මන්දිරයට රැස්ව ඇති බවයි වාර්තා වන්නේ.

පාක්ෂිකයින් රැසක් මේ වනවිට අරලියගහ මැදුර ඉදිරිපිටට ද රැස්ව ඇති අතර ඒ හේතුවෙන් ඒ අසල මාර්ගයේ රථවාහන ධාවනයට ද බාධා එල වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (09) දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පසුගිය දින කිහිපයේ දී විවිධ ප්‍රචාරයන් පැතිර ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?