අගමැතිගේ සහායට පොහොට්ටුවේ විශාල පිරිසක් අරලියගහ මැදුරට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ඉවත් නොවන ලෙස ඉල්ලමින් විශාල පිරිසක් මේ වනවිට අරලියගහ මන්දිරයට රැස්ව ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන ආයතන නියෝජිතයන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සාමාජිකයින් සහ පාක්ෂිකයින් මෙලෙස අරලියගහ මන්දිරයට රැස්ව ඇති බවයි වාර්තා වන්නේ.

පාක්ෂිකයින් රැසක් මේ වනවිට අරලියගහ මැදුර ඉදිරිපිටට ද රැස්ව ඇති අතර ඒ හේතුවෙන් ඒ අසල මාර්ගයේ රථවාහන ධාවනයට ද බාධා එල වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (09) දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පසුගිය දින කිහිපයේ දී විවිධ ප්‍රචාරයන් පැතිර ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11