අගමැතිගේ ඩුබායි සංචාරය අවලංගු කෙරේ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඩුබායි සංචාරය අවලංගු කර ඇති බව වාර්තා වනවා. ඩුබායි එක්ස්පෝ උත්සවයට සහභාගී වීම සඳහා අගමැති රාජපක්ෂ 2022 ජනවාරි 2 වන දින ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබුණා.

ඒ, ඩුබායි හි පාලක මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා ජනවාරි 3 වන දින ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතව තිබුණා.

ජනවාරි 3 වැනිදා ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකාවේ ජාතික දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ආර්ථික අර්බුදයක් ඇතුළු ශ්‍රී ලංකාවේ වර්ධනය වන ගැටලු හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා සිය ඩුබායි සංචාරය අවලංගු කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ උපුටා දක්වමින් ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර සිටියේ.

“අපගේ විදේශ සංචිත ද ඩොලර් බිලියන 3 සීමාවට ළඟා වී ඇති බැවින් ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා සුබවාදීව සිටියි. රටේ පවතින ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීම නිසා අගමැතිවරයාට මේ මොහොතේ ඩුබායි සංචාරයට පැමිණීමට නොහැකියි” අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි යෝෂිත රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33
Video thumbnail
"පිටි පස්සෙන් ඇවිත් නිවට ආකාරයෙන් නැව විනාශ කිරීම මහ දුර්ජන වැඩක්" වාසුදේවගෙන් අමෙරිකාවට චෝදනා
03:54
Video thumbnail
ශම්මි එලවන්න ආ සෙට් එකෙන් රාජාංගනයේ හාමුදුරුවන්ට සැර කින්ඩියක්..බුරියානි දීලා මිනිස්සු ගෙන්නන්නේ නෑ
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40
Video thumbnail
දොළොස් හැවිරිදි දැරියකට කැත වැඩක් කර එළොව යැවූ විත්තිකරුවකුට ම#ණ දඬුවම
00:57
Video thumbnail
ඉරාන දෙවෙනි නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දර්ශන පෙළක්
03:08