Empty Ad
AFC Banner
Empty Ad

අගමැතිගේ ඩුබායි සංචාරය අවලංගු කෙරේ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඩුබායි සංචාරය අවලංගු කර ඇති බව වාර්තා වනවා. ඩුබායි එක්ස්පෝ උත්සවයට සහභාගී වීම සඳහා අගමැති රාජපක්ෂ 2022 ජනවාරි 2 වන දින ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබුණා.

ඒ, ඩුබායි හි පාලක මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා ජනවාරි 3 වන දින ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතව තිබුණා.

ජනවාරි 3 වැනිදා ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකාවේ ජාතික දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ආර්ථික අර්බුදයක් ඇතුළු ශ්‍රී ලංකාවේ වර්ධනය වන ගැටලු හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා සිය ඩුබායි සංචාරය අවලංගු කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ උපුටා දක්වමින් ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර සිටියේ.

“අපගේ විදේශ සංචිත ද ඩොලර් බිලියන 3 සීමාවට ළඟා වී ඇති බැවින් ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා සුබවාදීව සිටියි. රටේ පවතින ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීම නිසා අගමැතිවරයාට මේ මොහොතේ ඩුබායි සංචාරයට පැමිණීමට නොහැකියි” අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි යෝෂිත රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ඇඟවල් හොඳට තැලිලා තියෙන්නේ - නාමල් සැරටම කරපු කතාව මෙන්න
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ධර්මප්‍රිය විජේසිංහ සහ සජබ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත සහභාගීවන කස්තිරම
01:23:40
Video thumbnail
රනිල් රට කළා නම් මීට වැඩිය හොඳට කරනවා - සරදම් කියන්නේ මේවට තමයි ඉතිං
04:44
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක මෝදි උත්සවයට - ආචාර වෙඩි මුර ගහලා වැඩේ පටන් ගත්ත හැටි
08:36
Video thumbnail
LIVE🔴 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය
21:01
Video thumbnail
දේවාලේ ළඟට ආපු අලි සෙට් එක මෙන්න - මිනිස්සු පිස්සුවෙන් වගේ අලි එළවන්නේ
02:38
Video thumbnail
ඊයේ පත්තු වූ වෙ# තැබීමේ දර්ශන මාධ්‍යට නිකුත් වෙයි
09:16
Video thumbnail
අපි බීලා කාණුවේ වැටිලා හිටියද හලෝ - සමන්ත කරපු ඉල ඇට ඇදෙන කතාව
05:40
Video thumbnail
දෙමළ ෆිල්ම් එකක වගේ බිරිඳව පැහැරගත් හැටි කියන සැමියා
03:11
Video thumbnail
මහ වරුසාවේ පාර කාපට් කරන හැටි - ට්‍රැක්ද මහත්තයෝ
03:34
<p>?</p>