රටේ ගැටළුවට කෙටිකාලීනව ලබාදිය හැකි ප්‍රායෝගිකම විසඳුම පොහොට්ටුවේ අලුත් අගමැතිවරයකු යටතේ අන්තර්වාර පාලනයක් ඇති කිරීම බවත් ඒ සදහා වඩාම සුදුස්සා ඩලස් අලහප්පෙරුම මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු ඩිලාන් පෙරේරා පැවසීය. අගමැතිවරයකු පත් කිරීමේ වැඩි ම අවස්ථාවක් ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී හා මහමැතිවරණයේදී වැඩිම ජනවරම ලැබු පොහොට්ටුවට බව ඔහු පවසයි.
උද්දච්චකම් ඔලමොට්ටලකම් ආඩම්බකම් සමහරුන්ගේ තිබු බවත් ඒ වැරදි වටහගෙන මේ මොහොතේ කළ හැකි හොඳම දේ අන්තර්වාර පාලනයක් ඇති කිරීම බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. පිළිගත හැකි නිශ්චිත සැළැස්මක් පෙන්වන්නේ නම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉවත්වීමට සූදානම් බවද ඩිලාන් පෙරේරා මහතා පැවසීය.




