අකුරැස්සේ ඝාතනයක්

පුද්ගලික ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

අකුරැස්ස පොලිස් වසමේ බෙලිකැටි දොලහේන, ප්‍රදේශයේ ඊයේ (22) සවස් කාලයේදී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, 39 හැවිරිදි බඹරැන්ද, කෝට්ටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයාට අයත් තලගහගම, බෙලිකැයිට ප්‍රදේශයේ පිහිටි නිවසක පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ගොස් සිටියදී අසල නිවසක සිටි පුද්ගලයෙකු සමග ආරවුලක් ඇතිවී තිබේ.

එහිදී දෙදෙනා අතර ගුටිබැට හුවමාරු සිදුව ඇති අතර එම ගැටුමට අසල නිවසේ සිටි පුද්ගලයාගේ පුතාද සම්බන්ධ වී අදාළ පුද්ගලයාට පහරදීම සිදුකර ඇත.

මෘත ශරීරය ආඳාපාන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර අකුරැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?