ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමුවන් තමන්ට පැවරී ඇති රාජකාරී පමණක් ඉටුකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදය ප්‍රකාශ කළේ අනුමත වාර්ෂික නිවාඩු සහ පියාසර ලැයිස්තුවේ සඳහන් නිවාඩු දිනයන්හි රාජකාරී කටයුතු කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බවය.
පසුගිය වසරේ දෙසැම්බර් 18 දින සිට ශ්‍රීලන්කන් ගුවන් සේවා පරිපාලනය විසින් ගනු ලැබූ නීත්‍යානුකූල නොවන කප්පාදු කිරීම්වලට සාධාරණ විසදුමක් ලබානොදීම හේතුවෙන් ගුවන් නියමුවන් මෙම තීරණය ගෙන ඇත.
එම ඉල්ලීම්වලට සාධාරණ විසදුම් ලබාදෙන බවට ශ්‍රීලන්කන් ගුවන් සේවා පරිපාලනය ලිඛිතව පොරොන්දු වුවද මේ වනතෙක් ඒ සඳහා විසදුමක් ලබා දීමට ඔවුන් අපොහොසත්වී ඇති බව ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදය සඳහන් කළේය.