අකුණු සැර වැදී කතක් මරුට – හයක් රෝහලට

අද (28) දහවල් 01.30ට පමණ අකුණු සැර වැදීමෙන් සිදු වූ අනතුරකින් එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව තවත් හත් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඇටම්පිටිය – මල්වත්ත වැවිලි සමාගමට අයත් නෙළුව වත්ත – කින් රෝස් වත්තේ දළු මඩුවක තේ දළු කිරමින් සිටි කම්කරුවන් සත්දෙනෙකු මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇති බවයි.

කෙසේවෙතත් අනතුර සිදු වූ වහාම තුවාලකරුවන් සත්දෙනාව ඇටම්පිටිය රෝහලට ඇතුළත් කළ ද, රෝහල්ගත කරන අවස්ථාවේ දී එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව සිටි බවයි වාර්තා වන්නේ.

අනතුරින් ජීවිතක්ෂයට පත් ව ඇත්තේ 47 හැවිරිදි පෙරුමාල් ශෂීකලා නමැති කාන්තාවක්.

මෙම අකුණු සැරෙන් තුවාල ලැබූවන් අතරින් සෙසු හයදෙනෙකු කාන්තාවන් බවත් එක් අයෙක් පිරිමි පුද්ගලයෙකු බවත් පොලිසිය පවසනවා.

තුවාල ලැබූවන් වයස අවුරුදු 30-50ත් අතර වයස් සීමාවල පසුවනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඇටම්පිටිය පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?