අකුණු සැර වැදී කතක් මරුට – හයක් රෝහලට

අද (28) දහවල් 01.30ට පමණ අකුණු සැර වැදීමෙන් සිදු වූ අනතුරකින් එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව තවත් හත් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඇටම්පිටිය – මල්වත්ත වැවිලි සමාගමට අයත් නෙළුව වත්ත – කින් රෝස් වත්තේ දළු මඩුවක තේ දළු කිරමින් සිටි කම්කරුවන් සත්දෙනෙකු මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇති බවයි.

කෙසේවෙතත් අනතුර සිදු වූ වහාම තුවාලකරුවන් සත්දෙනාව ඇටම්පිටිය රෝහලට ඇතුළත් කළ ද, රෝහල්ගත කරන අවස්ථාවේ දී එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව සිටි බවයි වාර්තා වන්නේ.

අනතුරින් ජීවිතක්ෂයට පත් ව ඇත්තේ 47 හැවිරිදි පෙරුමාල් ශෂීකලා නමැති කාන්තාවක්.

මෙම අකුණු සැරෙන් තුවාල ලැබූවන් අතරින් සෙසු හයදෙනෙකු කාන්තාවන් බවත් එක් අයෙක් පිරිමි පුද්ගලයෙකු බවත් පොලිසිය පවසනවා.

තුවාල ලැබූවන් වයස අවුරුදු 30-50ත් අතර වයස් සීමාවල පසුවනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඇටම්පිටිය පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06


?