AFC Banner
AFC Banner
Empty Ad

අකාලයේ මරු කැඳ වූ අධික වේගය

වවුනියාව – මන්නාරම ප්‍රධාන මාර්ගයේ කුරුක්කල්පුදුක්කුලම් ප්‍රදේශයේ දී අද (27) සිදු වූ යතුරුපැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

වව්නියාව, පුවරසම්කුලම් පොලිසිය සඳහන් කළේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වූ යතුරුපැදියක් මාර්ගය අසල තිබූ විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

යතුරුපැදිය විදුලි කණුවේ ගැටීමෙන් අනතුරුව එය ගිනිගෙන විනාශ වී ඇති අතර, යතුරුපැදිකරු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් මියගිය තරුණයා කුරුක්කල්පුඩුක්කුලම් ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන අයෙක්.

පුවරසම්කුලම් පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂක පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?