අකාලයේ මරු කැඳ වූ අධික වේගය

වවුනියාව – මන්නාරම ප්‍රධාන මාර්ගයේ කුරුක්කල්පුදුක්කුලම් ප්‍රදේශයේ දී අද (27) සිදු වූ යතුරුපැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

වව්නියාව, පුවරසම්කුලම් පොලිසිය සඳහන් කළේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වූ යතුරුපැදියක් මාර්ගය අසල තිබූ විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

යතුරුපැදිය විදුලි කණුවේ ගැටීමෙන් අනතුරුව එය ගිනිගෙන විනාශ වී ඇති අතර, යතුරුපැදිකරු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් මියගිය තරුණයා කුරුක්කල්පුඩුක්කුලම් ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන අයෙක්.

පුවරසම්කුලම් පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂක පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලයට වැසි වැටේවා. කෙත්වතු සශ්‍රීක වේවා. ලෝකයා සතුටින් සිටීවා. රජු ධාර්මික වේවා.
00:24
Video thumbnail
සජිත්ගේ කතාවට බිමල් සැර වෙයි - මන්ත්‍රීවරුන්ව එහෙම කැඳවන්න බෑ
11:19
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය - ධාවන කටයුතුවලටත් බාධා
07:29
Video thumbnail
නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එනවා - සජිත්ගෙන් ආරාධනාවක්
19:12
Video thumbnail
විපක්ෂ නායක සජිත් දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීවරුන් හමුවෙයි
04:32
Video thumbnail
දයාසිරිගෙන් පරිස්සම් වෙන්න - ගොඩපෙරකදෝරුවන්ගෙන් උපදෙස් ගන්න එපා
04:19
Video thumbnail
බන්ධනාගාරයේ සිට අලුත් ලුක් එකකින් චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවට
00:22
Video thumbnail
රජයෙන්ම යැපුණු සෙට් එක දැන් කලබල වෙලා
04:18
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
00:00
Video thumbnail
දැඩි නියං කාලගුණය නිසා තිසා වැවේ ජල මට්ටම පහළට
01:08